දිය මත ලිස්සා යන්නවුන් ගනුදෙනු කරන්නේ රළ සමගය. තරංගය විශාල වන තරමට ඔවුහු ඉහළට ගමන් කරති. රළ මගහැරීමට උත්සාහ කරන්නෝ රැල්ලට යට වෙති. විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් නිර්මාණය කරන පළාත් පාලන මැතිවරණය කැඳවන එම රැල්ල මතින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලිස්සා යෑමට නියමිත බව පෙනෙන්නට තිබිණි. මේ වසරේ මාර්තු මාසය වන විට නීත්‍යානුකූලව මැතිවරණය පැවැත්වීමට නියමිතය. ඡන්දදායකයන් ආණ්ඩු පක්ෂය කෙරෙහි දක්වන පහතට වැටුණු ගෞරවය ඉදිරි මැතිවරණවලින් පෙන්නුම් කිරීමට ඉඩ තිබේ. එමගින්, ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේදී ජනාධිපතිවරයාගේ හස්තය ශක්තිමත් කළ හැකි අතර, රට නැවත ගොඩනැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ගවලට එළඹීමට ඔවුන්ට බල කළ හැකිය. ඇත්ත වශයෙන්ම, ජනාධිපතිවරයා කල්තියා ප්‍රකාශ කළේ තමා මැතිවරණවලදී තම දේශපාලන පක්ෂය වෙනුවෙන් පවා ප්රචාරක කටයුතුවල නොදෙන බවත්, ජාතික ආර්ථිකයට පණ දීම තමාගේ ජනවරම වූ බැවින් පක්ෂ දේශපාලනික කටයුතුවලින් ඉවත්ව සිටින බවත්ය.