![](/images/joomlart/article/0b2c0f4f7276d5cab9ebf370bc3a4b57.jpg)
මේ සතිය ආරම්භයේ දී රට පුරා දහවල් කාලය තුළ පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීම මගින් මහජනතාවගේ දෛනික ජීවිතය යථා තත්වයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳ රජයේ ඇති අධිෂ්ඨානය සහ විශ්වාසය පිළිඹිබු වේ. රජයේ මෙම තීරණය විශේෂයෙන්ම පිළගනු ලබන්නේ සාමාන්‍ය තත්වයක් තුළ ආර්ථික හා සමාජ ගණුදෙනු මත තම ජීවනෝපායන් රදා පවතින මහජනයා විසිනි. කෙසේනමුත්, රජය විසින් ඇඳිරි නීතිය ලිහිල් කර තිබුණ ද තත්වය සියයට සියයක් සාමාන්‍ය තත්වයට පත්ව නොමැති බවත් ඇඳිරි නීතිය අඛණ්ඩව පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතා අනතුරු අඟවා තිබේ. මෙමගින් ඇඟවෙන්නේ සිය ජීවනෝපාය උපයා ගැනීමටත් සිය යැපෙන්නන්ගේ අවශ්‍යතා ඉටුකරීමටත් අපොහෙසත්ව සිටින පිරිස සඳහා අඛණ්ඩව සහන සැලසීමේ අවශ්‍යතාවයයි.